Thursday, August 13, 2026


 වේදනාව දැනෙන තැනම ගැටලුව ආරම්භ වූ තැන නෙමෙයි යාලුවනේ.


දණහිස කියන්නේ උකුල, කලවා, පාද වළලුකර සහ පාදය එකට සම්බන්ධ වන චලන පද්ධතියක මැද ඇති සන්ධියක්. ඒ නිසා වෙනත් තැනක ඇති ගැටලුවක් දණහිසට බලපාන්න පුළුවන් කියල Fitgeek ඔයාලට මතක් කරනවා.

එහෙම වෙන්නේ කොහොමද?

✅වෙනත් තැනක වේදනාව දණහිසෙන් දැනීම නැත්තම් Referred pain එකක්.

උකුල් සන්ධියේ හෝ පහළ කොන්දේ ගැටලුවක් තිබුණත්, මොළයට එය දණහිසේ වේදනාවක් ලෙස දැනෙන්න පුළුවන් කියල ඔයාල දන්නවද ?. මෙන්න මේක තමයි මම කිව්වෙ "referred pain" කියල.

✅ඇවිදින ආකාරය වෙනස් වීම

උකුලේ, පාදයේ හෝ වළලුකරේ වේදනාවක් තිබුණොත්, ඒ තැන ආරක්ෂා කිරීමට අපි නොදැනුවත්ව වෙනස් විදිහකට ඇවිදිනවා. එවිට දණහිසට සාමාන්යයට වඩා වැඩි හෝ වැරදි දිශාවක බරක් වැටී වේදනාව ඇතිවෙන්න පුලුවන් ඔන්න ඔය නිසා තමයි fitgeek ඉස්සර ඉදන් කිව්වෙ සපත්තු දානකොටත් පරිස්සමෙන් කියල මොකව ඔයා running shoes දාගෙන gym එකේ බර දාල workout කරන්න ඒකියන්නෙ resistance training කරද්දිත් මේ පාදය තියන විදිහ වෙනස් වෙලා මේ දේ වෙන්න පුලුවන් .

✅පේශි ශක්තිය සහ චලන පාලනය

උකුල, කලවා සහ දණහිස වටා පේශි දුර්වල නම් හෝ දැඩි නම්, දණහිස නිසි ලෙස පාලනය නොවිය හැක. විශේෂයෙන් දිවීම, පඩිපෙළ බැසීම, squat කිරීම සහ පැනීම වැනි movements කරද්දි මෙන්න මේ වේදනාව තවත් වැඩි වෙන්න පුලුවන් .

උදාහරණයක් කියන්නද Fitgeek, ඔයා squat කරන කොට ඔයාගෙ දණහිස ඇතුළට වැටෙනවා නම්, "දණහිස දුර්වලයි" කියා පමණක් තීරණය කරන්න බෑ අපිට. මොකද ඒකට උකුලේ පාලනය, වළලුකරේ චලන පරාසය, පාදයේ ස්ථාවරත්වය සහ භාවිත කරන බරත් පරීක්ෂා කරල බලන්න ඕනෙ ඒවගේ වෙලාවට මොකද හේතුව ඒව වෙන්නත් පුලුවන් .

හැබැයි ඉතින් දණහිසේම ඇති meniscus හෝ ligament තුවාල, tendon ආබාධ, bursitis, osteoarthritis, gout සහ infection වැනි තත්ත්ව දණහිස් වේදනාවට සැබෑ හේතුව වෙන්නත් පුලුවන් . ඉතින් ඔය නිසා තමයි Fitgeek කිව්වෙ ඔයාල මේ සම්බන්දව සුදුසුකම්ලත් physiotherapy කෙනෙක් හරි ඩොක්ට කෙනෙක් හරි හම්බෙලා නිවැරදිව diagonise කරගන්න කියල මේ knee pain එක.

Like - comment - share කරන්න මතක ඇතුව.මොකද මම දකින දෙයක් තමයි මම වගේ positive content creators ලට අද සමාජයේ බහුතරයක් මිනිසුන් ඉදිරියට යන්න උදව් කරන්නෙ නෑ නමුත් negative content කරන creators ල කියල ඉන්න අයව ගොඩක් සමාජයේ මිනිසුන් අතරට ගොඩක් අය බැනල හරි කමෙන්ට් දාල ඔයාල එයාලට ඔයාලත් නොදැනුවත්ව උදව් කරනවා. ඉතින් ඇයි එහෙම කරන්නෙ. අපි එකතු උනොත් ඒක වෙනස් කරන්න පුලුවන් යාලුව.✅❤️

ස්තූතියි
Fitgeek
International certified fitness trainner and nutritionist (NVQ4 , UK CPD, ISSA) | Engineering consultant (Bsc(Hons))| Muay thai (student under Kru Association,Thailand)

#fitgeek #gym #workout #fitness #kneepain #adviceforlife #fitnessmotivation #fitnessknowlage 


 සුබ උදෑසනක් ලමයි. අදත් උදේම..

අද කොළඹ clients ලව හම්බෙන්න යන දවස..
අද uber එකේ රියදුරා ජැන්ඩියට ඇදපු ඔෆීස් යන මහත්මයෙක්. ඒක uber එකට ගොඩවුන ගමන් තේරුනා. (හොද ratings පවා තියනවා). මම ඇහුව ඔෆීස් යන ගමන්ද ? ඔව් මහත්මතා ඔෆීස් යනකොට එකක් ගන්නවා එනකොට එකක් ගන්නවා.

එහෙම කියද්දි මට මතක් වෙනවා කැම්පස් කාලෙ කරපු part time ජොබ්ස් කීපය සහ 2015දී මම ඔය uber ආපුම කාලෙ register වෙලා සති අන්තයේ රියෙදුරෙක් විදිහට වැඩ කරපු හැටි. ඇත්තටම මට ඒ කාලෙ සිකුරාදා කියන්නෙ මාරම productive දවසක්. හැබැයි ගොඩක් මගෙ යාලුවන්ටනම් party එකක් තියන හොදට අඩියක් ගහල සූර්වෙන දවස, තවත් අයට ක්ලබ් / පබ් එකකට ගොඩ වෙලා සෙනසුරාද දවසෙනුත් පැය ගානක් නැති කරගන්න දවස.

හැබැයි මම කරපු වැඩෙන් මට ඒකාලෙ අවශ්යවෙන සප්ලිමන්ට් හරි ඒවගේම ඒකාලෙ මුලින්ම කරපු මේ fitness පිලිබද මුල්ම හැදෑරීම වෙන NVQ4 course එක කරන්න සල්ලි හම්බ කරේ අන්න ඒ සිකුරාද දවසෙ uber එකත් එක්ක ගතකරපු පැය කීපයෙන් කියල දැන් ආඩම්බරෙන් කියන්න පුලුවන්. (ඉස්සර එහෙම උනාට දැන්නම් uber එකේ පාඩුයි කියනවා මට ඇහිල තියනවා ගොඩක් රියදුරන්) හැබැයි ඉතින් part time driver කෙනෙක් විදිහටනම් දවස ගොඩක් productive කියන්න පුලුවන් මේ වැඩෙන්.

ආ තවදෙයක් මම වගේම IT field එකේ කීප දෙනෙක්ම මෑතකදී හම්බුනා. Driving අතිනුත් ගොඩක් හොදයි. හරිම පිරිසිදුයි වාහනය, හරිම ප්රසන්නයි ,ප්රියමනාපයි , ඒවගේම cash ද card ද කියල අහන්නෙත් නෑ, පාඩුවෙ ගමන යන්න පුලුවන්.

ඉතින් මේ ටික මම කියන්නෙ passenger කෙනෙක් පැත්තෙන් නමුත් මම දන්නවා fulltime කරන අයට මේහෙම කරද්දි trips නැති වෙනවා කියල ටිකක් අවුලෙන් නෙ ඉන්නෙ. නමුත් ඉතින් කරන්න දෙයක් නෑ එහෙම limit කරන්න ඕනෙ නෑ full time ද part time ද කියල මේ platform එකේ. ඔබටත් පුලුවන් තවත් productive විදිහට වෙනත් දෙයක් පටන් ගන්නත් ඔබේ දක්ශතාවය අනුව. නැතුව ජීවිත කාලෙම taxi දුවන්නද හිතන් ඉන්නෙ එහෙම බෑ දියුනුවෙන්න ඕනෙ.ඒ නිසා ඒ ගැනත් හිතන්න ඕනෙ ආයෝජනය කරන්න ඕනෙ.
අද කුලියට වාහනයක් අරන් taxi එක දුවන ඔයා හෙට ඒ වගේ තමන්ගෙම වාහනයක් ගන්න පුලුවන් තරමට ආයෝජනය කරන්න ඕනෙ.හැබැයි ඉතින් හැමදාම දවසෙ රෝල ගහලනම් හරියන්නෙ නෑ. එකම තැන. ඉතින් පියවරෙන් පියවර දියුනුවෙන්න ඕනෙ අපි හැමෝම...

දැන් මේ මම කරන්නෙත් ඔහේ wall එකේ ඉහල පහල
යනවට වඩා productive දෙයක් කරන එකම තමයි.ඔයාල මේක මේ තරම් දුරට කියෙව්ව කියන්නෙ ඔව් ඔයත් මේ ම්වගේ අදහස් එකතු කරගනිමින් ඔයාගෙ දවස පටන් ගන්න එකයි අලුත් energy එකකින්. ඉතින් ඔයාලගෙ දවසත් productive වෙයි.මෙ positive energy එකත් එක්කම.

සැයු :
මෙය මම ලියන්නෙ part time uber driver කෙනෙක් විදිහට මා 2015 දී trips 900++ කට වඩා කර ලබාගත් අත්දැක්ම් සහ මේ වෙනකොට සතියකට 20වාරයකටත් වැඩි uber trips යන passenger කෙනෙක් විදිහට මා එකතු කරගත් අත්දැක්ම් එකතු කරගෙනයි යාලුවනේ.

ස්තූතියි
Fitgeek
International certified fitness trainner and nutritionist (NVQ4 , UK CPD, ISSA) | Engineering consultant (Bsc(Hons))| Muay thai (student under Kru Association,Thailand)

#productivity #positiveenergy #morningvibes #fitgeek #fitnessjourney #healthylifestyle

 

කොහොම හරි ජීවිතේ පලවෙනි පාරට මම ඒකත් කරා.5KM done ❤️✅📣

මම කවදාවත් 5km එකක් දුවල හරි event එකකට වත් සහබාගිවෙලා නෑ. ඒක නිසාම මම ඊයෙ රෑ හදිස්සියෙම ආපු මේ අදහස නිසා register උනා. එතකොට වෙලාව රාත්රී 11.30pm. ඉතින් මමමේ වැඩේට පොඩි plan එකක් ගැහුව. මම ඒක ඔයාලට කියන්නම්.

5.15am ට මම නැගිට්ට, ඊටපස්සෙ වතුර එකක්
5.20am ට මම කෙසෙල් ගෙඩියක් කෑව.
5.30am ට uber එකක් දැම්ම arcade එකට යන්න
5.45am ට තමයි ටිකක් late වෙලා uber එක ආවෙ
6.40am ට තමයි ගියේ ,ගියපු ගමන් මේ nestomalt tshirt එකයි කැප් එකයි දුන්න.
6.45am මම warmup කරා දුවන්න කලින්
7.05am දුවන්න පටන් ගත්ත(මේක ඉතින් මට වෙලාවට plan කරන්න බෑ)

හරි ඊට පස්සෙ දුවන්නත් මම plan එකක් ගැහුව. මොකද මට එක දිගටම දුවන්න තරම් endurance එකක් නැතිනිසා සහ එහෙම දුවල නැති නිසා.

Ego එකෙන් පටන් ගන්නෙ නැතුව පලමු 5 min මම එකම pace එකේ හෙමින් දුවන්න පටන් ගත්ත. ඒක ගොඩ්ක් හොදින් කරන්න පුලුවන් උනා ජොයිට් වලට stress එකක් එන්නෙ නැතුව.

ඊට පස්සෙ හැම 3min වලම ඒ pace එකේම දිව්ව ඒවගේම හැම 3min අතරෙම 1min brisk wallk එකක් කරේ. කොහොම හරි අන්තිම 1km වලදී ගැම්ම දාල අර ඉතුරු වෙලා තිබුන අන්තිම energy එක use කරල push කරා දුවන්න 1km එකම.

ඔන්න ඔහොම තමයි මම ගොඩ දැම්මෙ. දැන් මේක මම කියන්නෙ ඔයාලට කල නොහැක්කක් නොමැත කියල කියන්න තමයි. ඕනෙ වෙන්න plan එකයි decipline එකයි. අනිවාර්යෙන්ම ගේමක් ගහන්න ඒ ඇති.ඉතින් අපි ඉරදිරියේදී මේවගේ අබියෝග තව ගොඩකට මූන දෙමු. ඒවගේම අපි අපිවම motivate කරගමු මෙහෙම. ජයෙන් ජය.

ඒවගේම රේස් එක complete කරල එතෙනට ගිහින් කිව්වහම තමයි දැන ගත්තෙ අන්තිම මොහොතෙ ඒ registration fee එක 1800/= ක් ගෙවලා register උන අයට අර එයාල දෙන tshirt එක දෙන්නෙ නෑ කියල. මම හිතන්නෙ ඒක print කරන්න එයාල මුලින්ම ගෙවපු අයගෙ count එක ගන්න ඇති ඉතින් එයාලට මදි වෙනවානෙ ඒක නිසා වෙන්න ඇති. කමක් නෑ nestomalt එකෙන් දුන්නනෙ එකක්. ඒක අවුලක් නෑ experience එක වැදගත්. නමුත් මම දක්ක කීප දෙනෙක් මේ නිසා හිත් අමනාපයෙන් මේගැන විමසනව. මම ඕක ගැන කතා කරන්න ගියෙ නෑ මොකද මමත් ex-Aiesec කෙනෙක්ම තමයි. මම දන්නවා මෙහෙම event එකක් organize කරන එක ලේසි නෑ කියල organizing committee president කෙනෙක් විදිහට project කීපයක සහ conference organize committee වල හිටපු නිසා මේ Aiesec එකෙ.

හැබැයි ඉතින් මීලග පාර එහෙම දෙන්නෙ නැතුව ඉන්නවට වඩා අන්තිම මොහොතෙ හරි motivation එකෙන් මේකට සහබාගිවෙන්න ආපු කෙනෙකුට හරි අගයකිරීමක් ,සිහිවටනයක් විදිහට හරි එහෙම thsirt එකක් දෙන්න පුලුවන් නම් හොදයි කියල හිතනවා මම .මොකද registration fee එක 1800/=ක් ගත්තනෙ late වෙලා හරි(online registration සදහා). ඉතින් මම හිතනවා එහෙම දෙන්න පුලුවන් නම් හොදයි කියල.ඒවගේම certificate එකේ පුලුවන්නම් just appriciate for participation කියල දෙන්නෙ නැතුව පුලුවන් නම් "completed 5KM වගේ " එකක් දෙන්න.

මම මේ දේවල් ඔක්කොම වීඩියෝ එකකින් අරගෙන එන්නම්කො අද හවසට දැන් හොද quality recovery time එකක් ඕනෙ. 📣📣

ස්තූතියි
Fitgeek
International certified fitness trainner and nutritionist (NVQ4 , UK CPD, ISSA) | Engineering consultant (Bsc(Hons))| Muay thai (student under Kru Association,Thailand)

#motivation #fitnessjourney #healthylifestyle #Nestomalt #aiesecsrilanka #AIESECCS

 

5km ලොකු දෙයක්ද ?

ඔව් මිත්රය මට මේක ලොකු දෙයක්...
මොකද නියම පුහුනුකරුවෙක් දන්නව යම් පුද්ගලයෙක් යම් දෙයක් කරද්දි ඔහු තමන සෑම පියවරකම තියන වටිනාකම.

ඉතින් ඔබ මෙම ප්රශ්නය ක්රීඩකයෙකුගෙන් හෝ පුහුනුකරුවෙකුගෙන් හෝ අඩුම ගානෙ ජිම් එකකට දිගටම යන යම් විනයක් ඇති පුද්ගලයෙකුගෙන් අහුවොත් ඔව්න්ගේ උත්තරය වන්නෙ මම හිතන විදිහටනම් අනිවාර්යෙන්ම ගොඩක් වටින දෙයක් මොකද යුපුන් ඔහු තියපු පලවෙනි පියවර නිසා තමයි ඔහු අද මේ තත්වයට පත්වුනේ මොකද ඉතින් යුපුන් එක පාරම පිටියට ඇවිල්ල රේස් එක දුවන්නෙ නෑනෙ.ඒක අවුරුදු ගානක වෙහෙසකර කැපකිරීම් සහ අත්දැක්ම් ,ඉගෙනීම ගොඩක එකතුවක්. ඉතින් ඒවගේම පුහුනුකරුවෙකු වන මා හොදින්ම දන්නවා client කෙනෙකු ව්යායාමයක් කරද්දි උත්සහ කරල කරන ජීවිතේ පලවෙනි rep එක නැත්තම් වාරය ඒ clientට වගේම පුහුනුකරුවෙක් වන මට කොච්චර වටිනවද කියල.

හැබැයි ඉතින් මේ ගැටලුවම අර කටින් හැමදාම ජිම් යන , ෆේස් බුක් එකෙන් රට හදන්න යන අතිපන්ඩිත, අර මූඩිය පෑගුනහම තව්සන් ටෝක් දෙන නූගත්/උගත් පන්ඩිතයෙකුගෙන් ඇහුවොත් හම්බෙන්නෙ , අය්යෝ 5km මොකක්ද කියල තමයි හැබැයි. එයාල කවදාවත් ඔයාලව අගය කරන්නෙ නෑ එයාල ඉන්නෙම ඔය වගේ දෙයක් කියල ඔයාලව පහතට ඇදල දාගන්න මොකද හෙනම අරියස් එකකින් තමයි ජීවත් වෙන්නෙ. ඉතින් බොහොම පරිස්සමෙන් ඒවගේ අයගෙන් මොකද ඒවගේ අය පව්ලෙ කෙනෙක් වගේ , යාලුවෙක් වගේ, මේ ෆේස් බුක් එකේ ,gost follower කෙනෙක් වගෙත් හම්බෙන්න පුලුවන් ඒනිසා මතක තියාගන්න ඒවගේ අයගෙ කමෙන්ට් ඔයාට හම්බෙන පුලුවන් තරම් එක කනකින් අහල නිත් කනෙන් පිට කරන්න.

ඉතින් යාලුවනේ ඒනිසාම ඔයාට පුලුවන් 1000 steps ද දවසකට 1km ද 5km ද නැත්තම් 50km ද කියල ගැටලුවක් නෑ යමක් කිරීමේදී තියන motivation එකයි වැදගත්.මොකද අද ඔබ ඔය තබන පියවර අනාගතයේදී ඔබව ලෝකේ වේගවත්ම runner කරන්න පුලුවන් ,නැත්තම් කිලෝමීටර් 100ගානක් දුවන කෙනෙක් කරන්නත් පුලුවන් හැබැයි ඉතින් අර වගේ අයගෙ කතා අහල අයියෝ 5km මොකක්ද වගේ හිතුනොත් ඉතින්කවදාවත් දුවන්නනම් හම්බෙන්නෙ නෑ. ඒක ජීවිතේ අනිකුත් දේවල් වලටත් එහෙමයි ඉතින්. ඒනිසා පුලුවන් තරම් දනාත්මකව දෙයක් දකින්න පුරුදු වෙන්න වගේම අඩුම ගානෙ එහෙම දකින්න මිනිස්සු එක්ක ඉදිරියට යන්න අර වගේ අයව හලාගෙන.

මොකද පියවර 1000ක් ඉදිරියට ගියපු පියවරකින් පටන් ගත්තු වටිනාකම දන්න මනුස්සය , තවත් කෙනෙකුගේ පියවරක් හෑල්ලු කරන්නෙ නෑ.

ඉතින් ඔව් මම 5km දිව්ව. ඒක මට ආඩම්බරයක්,ඒව්ගේම මම හොද weight එකක් මට lift කරන්න ,press කරන්න පුලුවන් හොද strength එකක් තියනව ඒක මට ආඩම්බරයක්, ඔව් මම muay thai සටන් කලාව අවුරුදු 5කට ආසන්න කාලයක් ඉගෙන ගන්නවා ඒකෙ තියන kicks ,punches ගොඩක් හොදින් කරන්න පුලුවන් ඒකත් මට ආඩම්බරයක්, ඒවගේම ඔව් මම yoga ගුරුවරයෙක් වෙන්න ඉගෙන ගන්නව ඒවගේම මගේ උස බර අය එක්ක බලද්දි මම ගොඩක් නමයශීලී කෙනෙක් ඒකත් මට ආඩම්බරයක්.ඒවගේම මුරටුව විශවවිදයාලයෙන් උපාදියකුත් තියාගෙන වෙනමම ෆීල්ඩ් එකක ලොකු ගේම් එකක් ගහන්න අඩියෙන් අඩිය ඉස්සරහට යනවා ඒකත් මට ආඩම්බරයක් .

ඒවගේම අන්තිමට මේ ඔක්කොමත් කරල මම ඒ ඔක්කොම ඔයාලට කියල දෙන්න වගේම ඔයාලව එක පියවරක් හරි ඉදිරියට යන්න motivation එකක් අරගෙන ඇවිත් උදව් කරනවා ලක්ශ ගානකට මේ social media හරහා ඒකත් මම ආඩම්බරෙන් කියනවා. ඉතින් ඔය මොනවත් කරන්නෙ නැතුව කමෙන්ට් එකකින් කියන අයට වඩා වගෙම ඒක මම වගේම තවත් ගොඩක් අයට හොද මම ගොඩක් ඉදිරියෙන් ඉන්නවා මගේ personal life එකෙනුත්. ඉතින් මම හෙටත් 5km දුවනව අනිද්දට 6km දුවනවා.දවසක 10km දුවයි ,full marathon එකක් දුවයි සමහර වෙලාවට අනාගතයෙදී. ඒක මම නවත්තන්නෙ නෑ. ඔයාලත් නවත්තන්න එපා. එච්ච්රයි කතාව.

ස්තූතියි
Fitgeek

#motivational

 

X කියන්නෙ ගොඩක් මහත කෙනෙක්.ඒවගේම වෙනත් රටක ජීවත් කෙනෙක් පුන්චිම පුන්චි බබාල දෙන්නෙක්ගෙ ආදරනීය තාත්ත කෙනෙක්. මේ ලගදී තමයි එයා දෙවෙනු බබාගෙ තාත්ත උනෙත්. ඒවගේම X ට මුලින්ම නම් ලන්කාවෙ විශේශයෙන්ම trainer ල ගැනනම් එච්චර දනාත්මක ආකල්පයක් තිබ්බෙ නෑ. මොකද ඉතින් ගොඩක් අය බලන්නෙ සල්ලි විතරයි නමුත් ලබා දෙන සේවයේ ගුනාත්මකබාවය අවුල්නෙ. ඉතින් X ට එයාගෙ බිරිද තමයි මාව මූනුපොතේ පෙන්වල තිබ්බෙත්. මම හිතනව දැන්නම් ඒ ආකල්පය ගොඩක් වෙනස් ඇති කියල ලන්කාවෙ trainers ල ගැන තියන.

ඒනිසා මේ කාලෙ නිදි නැති කාලෙ කියල තාත්ත කෙනෙක් වන මම ඔබ සහ අපි හැමෝම දන්න කරුනක්නෙ. ඒවගේම X ගෙ කටපාලනය කරන එක තමයි අපිට ලොකුම චැලෙන්ජ එක උනේ මෙතනදී. ඒවගේම පසුගිය කාලෙ ආපු යුද්දෙ එක්ක අපිට අතර මග අපේ program එකත් නවත්තන්න උනා. හැබැයි ඊට පස්සෙ නැවත පටන් ගත්තු X උපරිම උත්සහ කරා ආපහු කට පාලනය කරන්න. ඔන්න ඒකත් හරියන වැඩක් නෙමෙයි. ඉතින් ඊට පස්සෙ ගොඩක් ඕනෑ කමින් X කන දේවල් දවස පුරා අදයනය කරන්න මට සිද්ද වුනා.

හරිනෙ මේ තියෙන්නෙ වැරද්ද වෙන තැන. නිරෝගිමත්ව ඉන්න කියල කන කෑම වල කැලරි වැඩියි ,නැත්තම් සීනි ප්රමානය අහස උසට. ඉතුන් කොහොමද කැලරි හිගයක ඉන්නෙ.ඔන්න ඉතින් පටන් ගත්ත මම පොඩ්ඩක් තරවටු කරන්න මේ කෑම ගැන සහ ඒවයේ ගුනාත්මකබාවය පිලිබදව. මම ගනන හද හද යවනවා ඔය කෑම වර්ග හොය හොයා මොකද ඒව ලන්කාවෙ ඒව නෙමෙයි මොකද X ඉන්නෙ රටනෙ. ඔන්න ඔහොමයි වැඩේ හරියට කරන්න පටන් ගත්තෙ.

ඉතින් ඔය අතරෙ එයාත් ගොඩක් මහන්සි උනා සහ එයාගෙ පැත්තෙන් හරියට workout එක කරන්න උපරිම උත්සහයක් දුන්න. එතනත් පොඩි අවුල් ටිකක් තිබ්බ ඒ තමයි rest එක හරියට ගන්නෙ නැති එක . ඉතින් සමහර දවසට බලෙන්ම කියල ඊලගෙ set එක වෙනකන් මම වෙලාව බලල කියන්නෙ නැත්තම් හරිම හදිස්සි X සෙට් ටික කරල ඉවර කරන්න. ඔන්න ඕකත් පහුගිය දවස් ටිකේ හැදුව.

ඉතින් ඔක්කොම හරිනෙ දැන් මැජික් එකක් නෙමෙයි මේවගේ හෙමින් හෙමින් පේන්න දේවල් වගේම ඇග ඇතුලෙනුත් හොද support එකක් හම්බෙනවා ඉස්සර වගේ නෙමේ කියල X මට කියනවා. හා හා ඒක එහෙම වුනාට තව පටන් ගත්ත විතරයි තව දීරග ගමනක් හරියට යන්න තියනවා මේ එක සන්දිස්තානයක් විතරයි කියල X ව තවත් මම ඉස්සරහට අරන් යන්න හිතන් ඉන්නෙ.

ඉතින් full transformation එකක් X කරොත් මම අනිවාර්යෙන්ම X ව ඔයාලට ආඩම්බරයෙන් පෙන්වන්න්නම්. එතකොට තේරෙයි ඔයාගෙ ඇතුලෙත් මේවෙනකොට X කෙනෙක් ඉන්නව කියල.ඉතින් X ට ජීවිතයේ මේවෙනකොට තියන වගකීම් යුතුකම් ගොඩක් එක්ක මේකත් කරන්නෙ ඒක නිසා සතියෙන් දෙකෙන් එහෙම transformation එකක් කරන්න බැරි වෙයි නමුත් consistency එකෙන් ඔහු මේ වැඩේ කරොත් අනිවාර්යෙන්ම ඔයාලව දවසක motivate කරන්න X ට පූලුවන් වෙයි. එතකන් අපි X ට සුබ පතමු යාලුවනේ.

ස්තූතියි
Fitgeek
International certified fitness trainner and nutritionist (NVQ4 , UK CPD, ISSA) | Engineering consultant (Bsc(Hons))| Muay thai (student under Kru Association,Thailand)

#myclients #fitgeek #fitnesscentre #personaltraining #onlinecoaching 

  වේදනාව දැනෙන තැනම ගැටලුව ආරම්භ වූ තැන නෙමෙයි යාලුවනේ. දණහිස කියන්නේ උකුල, කලවා, පාද වළලුකර සහ පාදය එකට සම්බන්ධ වන චලන පද්ධතියක මැද ඇති සන්...