Thursday, August 13, 2026

 

කාබෝහයිඩ්‍රේට් කෑමෙන්ම තරබාරු වෙනවාද?

ශරීරයේ මේදය වැඩිවීමට ප්‍රධාන හේතුව වෙන්න යාලුවනේ කාබෝහයිඩ්‍රේට් යන පෝෂකය විතරක් නෙමෙටි, දිර්ගකාලීනව ඔයාල ශරීරය වැය කරන ශක්තියට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් ඔයාලගෙ ආහාර වලින් ලබාගැනීමයි.

පුද්ගලයන් 609ක් සහභාගි වූ මාස 12ක randomized clinical trial එකක් කරල තියනවා මේ ගැන, සෞඛ්‍ය සම්පන්න low-carbohydrate සහ low-fat ආහාර රටා අතර බර අඩුවීමේ සැලකිය යුතු වෙනසක් හමු වෙලා නම් නෑ. එයින් පෙන්වන්නේ බර පාලනයේදී එක් පෝෂකයක් විදිහට මේ carbohydrates වලට පමණක් “වැරදිකරු” කිරීම නිවැරදි වෙන්නෙ නෑ කියල.

නමුත් උතින් Fitgeek මතක් කරනවා යාලුවන්ට සියලුම කාබෝහයිඩ්‍රේට් එක සමාන නැහැ කියලත් ඉතින් සීනි සහ refined flour බහුල, අධික ලෙස සැකසූ ආහාර වෙනුවට ඔයාලට පුලුවන් ,

✅ සම්පූර්ණ ධාන්‍ය
✅ පලතුරු හා එළවළු
✅ පරිප්පු, කඩල සහ බෝංචි
✅ තන්තු බහුල ආහාර

තෝරාගන්න. මේවා තෘප්තිය, ආහාරයේ ගුණාත්මකභාවය සහ දිගුකාලීන සෞඛ්‍යය සඳහා වඩාත් හොදයි ඔයාලට අවබෝදයකින් ආහාර ගන්නවනම් හොදේ.

ඉතින් ඔයාලගෙන් ඉල්ලන්නෙ Fitgeek කාබෝහයිඩ්‍රේට්වලට බය වෙන්න එපා. ප්‍රමාණය, වර්ගය සහ ඔබේ සමස්ත ආහාර රටාව ගැන අවධානය යොමු කරන්න හොදේ. 🌾

ස්තූතියි
Fitgeek
International certified fitness trainner and nutritionist (NVQ4 , UK CPD, ISSA) | Engineering consultant (Bsc(Hons))| Muay thai (student under Kru Association,Thailand)

No comments:

Post a Comment

අද Workout එකෙන් පසු Recovery Meal එක 💪🔥

  අද ඉදන් හැමදාම උදේට client ල නැත්තම් මම දුවන්න සහ ඇවිදින්න යන්න තීරනය කරා 3km වගේ. Trip එකට පස්සෙ බර වැඩිවෙලා තියෙනවා ඉතින් ඒක අඩු කරගෙන ආ...