Thursday, August 13, 2026


 උදාහරණයක් මම කියන්නම්,

ඇමෙරිකාවේ ඖෂධ සඳහා සිදුකරන ආකාරය මෙහෙමයි FDA එක කියන විදිහට supplements වෙළඳපොළට නිකුත් කිරීමට පෙර ඒවායේ ආරක්ෂාව සහ ප්රතිඵලදායකත්වය FDA විසින් පරීක්ෂා කර අනුමත කරන්නේ නැහැ යාලුවනේ. මොකද එයාලට ඒකට බලය නෑ. සාමාන්යයෙන් ඒවා ආරක්ෂිත බව සහ ලේබලයේ ඒ ප්රකාශ සත්ය බව තහවුරු කිරීම නිෂ්පාදකයාගේ වගකීමක් විදිහට එයාල ඒ ගැන කියන්නෙ මේ Federal Food, Drug, and Cosmetic Act (FD&C Act) එකට අනුව මේ Dietary Supplement Health and Education Act (DSHEA) එක යටතේ.

ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ මෙයින් supplements "නියාමනය වෙන්නෙ නෑ කියල ලමයි. FDA එකට මේ නිශ්පාදනය වෙළඳපොළට ආවට පස්සෙ අනාරක්ෂිත, දූෂිත හෝ වැරදි ලේබල් සහිත නිෂ්පාදන සම්බන්ධයෙන් ක්රියා කරන්න බලය තියනවා.ඒනිසා අලුත් ingredients සම්බන්දයෙන් නම් විශේශයෙන්ම dietary ingredients සඳහා දින 75කට පෙර ආරක්ෂක දැනුම්දීමක්ද කරන්න ඕනෙ මේ නිශ්පාකයන් FDA එකට. මොකද එහෙම එයාල market එකේදී මේව check කරද්දි අහුවුනොත් එහෙම label වලට පිටින් ingredients එහෙම යොදාගෙන මේ වගේ supplement වලට එයාල ලෙඩ දානවා එයාලගෙ රටේදී. ඉතින් ඔන්න ඔය කාරනේ නිසා තමයි ගොඩක් අපේ මේ සප්ලිමන්ට් බොහොමයකම "FDA-registered" හරි "FDA-compliant" කියල කියන්නෙ නැතුව මේ "FDA-approved" කියල ගහල තියෙන්නෙ.ඉතින් ලන්කාවෙ මේවගේ දෙයක් වෙනවද ?

නෑ නෑ අමැරිකාවෙ එහෙම උනත් ලන්කාවෙ එහෙම වෙන්නෙ නෑ.... 🫣😅😅

ස්තූතියි
Fitgeek

No comments:

Post a Comment

  වේදනාව දැනෙන තැනම ගැටලුව ආරම්භ වූ තැන නෙමෙයි යාලුවනේ. දණහිස කියන්නේ උකුල, කලවා, පාද වළලුකර සහ පාදය එකට සම්බන්ධ වන චලන පද්ධතියක මැද ඇති සන්...