Thursday, August 13, 2026

 

5km ලොකු දෙයක්ද ?

ඔව් මිත්රය මට මේක ලොකු දෙයක්...
මොකද නියම පුහුනුකරුවෙක් දන්නව යම් පුද්ගලයෙක් යම් දෙයක් කරද්දි ඔහු තමන සෑම පියවරකම තියන වටිනාකම.

ඉතින් ඔබ මෙම ප්රශ්නය ක්රීඩකයෙකුගෙන් හෝ පුහුනුකරුවෙකුගෙන් හෝ අඩුම ගානෙ ජිම් එකකට දිගටම යන යම් විනයක් ඇති පුද්ගලයෙකුගෙන් අහුවොත් ඔව්න්ගේ උත්තරය වන්නෙ මම හිතන විදිහටනම් අනිවාර්යෙන්ම ගොඩක් වටින දෙයක් මොකද යුපුන් ඔහු තියපු පලවෙනි පියවර නිසා තමයි ඔහු අද මේ තත්වයට පත්වුනේ මොකද ඉතින් යුපුන් එක පාරම පිටියට ඇවිල්ල රේස් එක දුවන්නෙ නෑනෙ.ඒක අවුරුදු ගානක වෙහෙසකර කැපකිරීම් සහ අත්දැක්ම් ,ඉගෙනීම ගොඩක එකතුවක්. ඉතින් ඒවගේම පුහුනුකරුවෙකු වන මා හොදින්ම දන්නවා client කෙනෙකු ව්යායාමයක් කරද්දි උත්සහ කරල කරන ජීවිතේ පලවෙනි rep එක නැත්තම් වාරය ඒ clientට වගේම පුහුනුකරුවෙක් වන මට කොච්චර වටිනවද කියල.

හැබැයි ඉතින් මේ ගැටලුවම අර කටින් හැමදාම ජිම් යන , ෆේස් බුක් එකෙන් රට හදන්න යන අතිපන්ඩිත, අර මූඩිය පෑගුනහම තව්සන් ටෝක් දෙන නූගත්/උගත් පන්ඩිතයෙකුගෙන් ඇහුවොත් හම්බෙන්නෙ , අය්යෝ 5km මොකක්ද කියල තමයි හැබැයි. එයාල කවදාවත් ඔයාලව අගය කරන්නෙ නෑ එයාල ඉන්නෙම ඔය වගේ දෙයක් කියල ඔයාලව පහතට ඇදල දාගන්න මොකද හෙනම අරියස් එකකින් තමයි ජීවත් වෙන්නෙ. ඉතින් බොහොම පරිස්සමෙන් ඒවගේ අයගෙන් මොකද ඒවගේ අය පව්ලෙ කෙනෙක් වගේ , යාලුවෙක් වගේ, මේ ෆේස් බුක් එකේ ,gost follower කෙනෙක් වගෙත් හම්බෙන්න පුලුවන් ඒනිසා මතක තියාගන්න ඒවගේ අයගෙ කමෙන්ට් ඔයාට හම්බෙන පුලුවන් තරම් එක කනකින් අහල නිත් කනෙන් පිට කරන්න.

ඉතින් යාලුවනේ ඒනිසාම ඔයාට පුලුවන් 1000 steps ද දවසකට 1km ද 5km ද නැත්තම් 50km ද කියල ගැටලුවක් නෑ යමක් කිරීමේදී තියන motivation එකයි වැදගත්.මොකද අද ඔබ ඔය තබන පියවර අනාගතයේදී ඔබව ලෝකේ වේගවත්ම runner කරන්න පුලුවන් ,නැත්තම් කිලෝමීටර් 100ගානක් දුවන කෙනෙක් කරන්නත් පුලුවන් හැබැයි ඉතින් අර වගේ අයගෙ කතා අහල අයියෝ 5km මොකක්ද වගේ හිතුනොත් ඉතින්කවදාවත් දුවන්නනම් හම්බෙන්නෙ නෑ. ඒක ජීවිතේ අනිකුත් දේවල් වලටත් එහෙමයි ඉතින්. ඒනිසා පුලුවන් තරම් දනාත්මකව දෙයක් දකින්න පුරුදු වෙන්න වගේම අඩුම ගානෙ එහෙම දකින්න මිනිස්සු එක්ක ඉදිරියට යන්න අර වගේ අයව හලාගෙන.

මොකද පියවර 1000ක් ඉදිරියට ගියපු පියවරකින් පටන් ගත්තු වටිනාකම දන්න මනුස්සය , තවත් කෙනෙකුගේ පියවරක් හෑල්ලු කරන්නෙ නෑ.

ඉතින් ඔව් මම 5km දිව්ව. ඒක මට ආඩම්බරයක්,ඒව්ගේම මම හොද weight එකක් මට lift කරන්න ,press කරන්න පුලුවන් හොද strength එකක් තියනව ඒක මට ආඩම්බරයක්, ඔව් මම muay thai සටන් කලාව අවුරුදු 5කට ආසන්න කාලයක් ඉගෙන ගන්නවා ඒකෙ තියන kicks ,punches ගොඩක් හොදින් කරන්න පුලුවන් ඒකත් මට ආඩම්බරයක්, ඒවගේම ඔව් මම yoga ගුරුවරයෙක් වෙන්න ඉගෙන ගන්නව ඒවගේම මගේ උස බර අය එක්ක බලද්දි මම ගොඩක් නමයශීලී කෙනෙක් ඒකත් මට ආඩම්බරයක්.ඒවගේම මුරටුව විශවවිදයාලයෙන් උපාදියකුත් තියාගෙන වෙනමම ෆීල්ඩ් එකක ලොකු ගේම් එකක් ගහන්න අඩියෙන් අඩිය ඉස්සරහට යනවා ඒකත් මට ආඩම්බරයක් .

ඒවගේම අන්තිමට මේ ඔක්කොමත් කරල මම ඒ ඔක්කොම ඔයාලට කියල දෙන්න වගේම ඔයාලව එක පියවරක් හරි ඉදිරියට යන්න motivation එකක් අරගෙන ඇවිත් උදව් කරනවා ලක්ශ ගානකට මේ social media හරහා ඒකත් මම ආඩම්බරෙන් කියනවා. ඉතින් ඔය මොනවත් කරන්නෙ නැතුව කමෙන්ට් එකකින් කියන අයට වඩා වගෙම ඒක මම වගේම තවත් ගොඩක් අයට හොද මම ගොඩක් ඉදිරියෙන් ඉන්නවා මගේ personal life එකෙනුත්. ඉතින් මම හෙටත් 5km දුවනව අනිද්දට 6km දුවනවා.දවසක 10km දුවයි ,full marathon එකක් දුවයි සමහර වෙලාවට අනාගතයෙදී. ඒක මම නවත්තන්නෙ නෑ. ඔයාලත් නවත්තන්න එපා. එච්ච්රයි කතාව.

ස්තූතියි
Fitgeek

#motivational

No comments:

Post a Comment

  වේදනාව දැනෙන තැනම ගැටලුව ආරම්භ වූ තැන නෙමෙයි යාලුවනේ. දණහිස කියන්නේ උකුල, කලවා, පාද වළලුකර සහ පාදය එකට සම්බන්ධ වන චලන පද්ධතියක මැද ඇති සන්...