Thursday, August 13, 2026

 

X කියන්නෙ ගොඩක් මහත කෙනෙක්.ඒවගේම වෙනත් රටක ජීවත් කෙනෙක් පුන්චිම පුන්චි බබාල දෙන්නෙක්ගෙ ආදරනීය තාත්ත කෙනෙක්. මේ ලගදී තමයි එයා දෙවෙනු බබාගෙ තාත්ත උනෙත්. ඒවගේම X ට මුලින්ම නම් ලන්කාවෙ විශේශයෙන්ම trainer ල ගැනනම් එච්චර දනාත්මක ආකල්පයක් තිබ්බෙ නෑ. මොකද ඉතින් ගොඩක් අය බලන්නෙ සල්ලි විතරයි නමුත් ලබා දෙන සේවයේ ගුනාත්මකබාවය අවුල්නෙ. ඉතින් X ට එයාගෙ බිරිද තමයි මාව මූනුපොතේ පෙන්වල තිබ්බෙත්. මම හිතනව දැන්නම් ඒ ආකල්පය ගොඩක් වෙනස් ඇති කියල ලන්කාවෙ trainers ල ගැන තියන.

ඒනිසා මේ කාලෙ නිදි නැති කාලෙ කියල තාත්ත කෙනෙක් වන මම ඔබ සහ අපි හැමෝම දන්න කරුනක්නෙ. ඒවගේම X ගෙ කටපාලනය කරන එක තමයි අපිට ලොකුම චැලෙන්ජ එක උනේ මෙතනදී. ඒවගේම පසුගිය කාලෙ ආපු යුද්දෙ එක්ක අපිට අතර මග අපේ program එකත් නවත්තන්න උනා. හැබැයි ඊට පස්සෙ නැවත පටන් ගත්තු X උපරිම උත්සහ කරා ආපහු කට පාලනය කරන්න. ඔන්න ඒකත් හරියන වැඩක් නෙමෙයි. ඉතින් ඊට පස්සෙ ගොඩක් ඕනෑ කමින් X කන දේවල් දවස පුරා අදයනය කරන්න මට සිද්ද වුනා.

හරිනෙ මේ තියෙන්නෙ වැරද්ද වෙන තැන. නිරෝගිමත්ව ඉන්න කියල කන කෑම වල කැලරි වැඩියි ,නැත්තම් සීනි ප්රමානය අහස උසට. ඉතුන් කොහොමද කැලරි හිගයක ඉන්නෙ.ඔන්න ඉතින් පටන් ගත්ත මම පොඩ්ඩක් තරවටු කරන්න මේ කෑම ගැන සහ ඒවයේ ගුනාත්මකබාවය පිලිබදව. මම ගනන හද හද යවනවා ඔය කෑම වර්ග හොය හොයා මොකද ඒව ලන්කාවෙ ඒව නෙමෙයි මොකද X ඉන්නෙ රටනෙ. ඔන්න ඔහොමයි වැඩේ හරියට කරන්න පටන් ගත්තෙ.

ඉතින් ඔය අතරෙ එයාත් ගොඩක් මහන්සි උනා සහ එයාගෙ පැත්තෙන් හරියට workout එක කරන්න උපරිම උත්සහයක් දුන්න. එතනත් පොඩි අවුල් ටිකක් තිබ්බ ඒ තමයි rest එක හරියට ගන්නෙ නැති එක . ඉතින් සමහර දවසට බලෙන්ම කියල ඊලගෙ set එක වෙනකන් මම වෙලාව බලල කියන්නෙ නැත්තම් හරිම හදිස්සි X සෙට් ටික කරල ඉවර කරන්න. ඔන්න ඕකත් පහුගිය දවස් ටිකේ හැදුව.

ඉතින් ඔක්කොම හරිනෙ දැන් මැජික් එකක් නෙමෙයි මේවගේ හෙමින් හෙමින් පේන්න දේවල් වගේම ඇග ඇතුලෙනුත් හොද support එකක් හම්බෙනවා ඉස්සර වගේ නෙමේ කියල X මට කියනවා. හා හා ඒක එහෙම වුනාට තව පටන් ගත්ත විතරයි තව දීරග ගමනක් හරියට යන්න තියනවා මේ එක සන්දිස්තානයක් විතරයි කියල X ව තවත් මම ඉස්සරහට අරන් යන්න හිතන් ඉන්නෙ.

ඉතින් full transformation එකක් X කරොත් මම අනිවාර්යෙන්ම X ව ඔයාලට ආඩම්බරයෙන් පෙන්වන්න්නම්. එතකොට තේරෙයි ඔයාගෙ ඇතුලෙත් මේවෙනකොට X කෙනෙක් ඉන්නව කියල.ඉතින් X ට ජීවිතයේ මේවෙනකොට තියන වගකීම් යුතුකම් ගොඩක් එක්ක මේකත් කරන්නෙ ඒක නිසා සතියෙන් දෙකෙන් එහෙම transformation එකක් කරන්න බැරි වෙයි නමුත් consistency එකෙන් ඔහු මේ වැඩේ කරොත් අනිවාර්යෙන්ම ඔයාලව දවසක motivate කරන්න X ට පූලුවන් වෙයි. එතකන් අපි X ට සුබ පතමු යාලුවනේ.

ස්තූතියි
Fitgeek
International certified fitness trainner and nutritionist (NVQ4 , UK CPD, ISSA) | Engineering consultant (Bsc(Hons))| Muay thai (student under Kru Association,Thailand)

#myclients #fitgeek #fitnesscentre #personaltraining #onlinecoaching 

No comments:

Post a Comment

  වේදනාව දැනෙන තැනම ගැටලුව ආරම්භ වූ තැන නෙමෙයි යාලුවනේ. දණහිස කියන්නේ උකුල, කලවා, පාද වළලුකර සහ පාදය එකට සම්බන්ධ වන චලන පද්ධතියක මැද ඇති සන්...